Blog

Thoughts from my daily grind

2022 Avirudu (Sinhala Tamil New Year) Litha

Posted by Ziyan Junaideen |Published: 10 April 2022 |Category: Sri Lanka
Default Upload |

2022 අලුත් අවුරුදු නැකත් සීට්ටුව

නව සද බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රේල් මස 03 වැනි ඉරිදා දින නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානය
අප්‍රේල් මස 13 බදාදා කොහොඹ පත් උෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 බ්‍රහස්පතින්දා පුර්වභාග 08:41යි තප්පර 17ට අලුත් අවුරුද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 බ්‍රහස්පතින්දා පුර්වභාග 02:17 සිට එදින අපරභාග 03:05 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 බ්‍රහස්පතින්දා පුර්වභාග 02:17ට පළමුව අහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 බ්‍රහස්පතින්දා පුර්වභාග 09:05ට රන්වන් පැහැති වස්ත්රාභාරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිලියල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 බ්‍රහස්පතින්දා පුඋර්වභාග 10:17ට රන්වන් පැහැති වස්ට්‍රභාරණයෙන් සරසි නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට අහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 ඉරිදා පුර්වභාග 07:04ට රතු සහ කහ මිශ්‍ර වස්ත්රභාරණයෙන් සරසි දකුණු දිශාව බලා හිසට ඉබුල්පත්ද පයට නුග පත් ද තබා ඉබුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කරනු මැනවි.

රැකි රක්ෂා සදහා පිටත්ව යාම
අප්‍රේල් මස 18 සදුදා පුර්වභාග 06:51ට සුදු පැහැති වස්ට්‍රභාරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි.

Looking for auspicious times for the Sinhala & Tamil New Year I found a Facebook Post (image). I transcribed it as above. There may be some typos but the times should be accurate.

I wish you and your loved ones a very happy new year.

About the Author

Ziyan Junaideen -

Ziyan is an expert Ruby on Rails web developer with 8 years of experience specializing in SaaS applications. He spends his free time he writes blogs, drawing on his iPad, shoots photos.

Comments